බීමත් පුද්ගලයින්ට තම නිවෙස් බලා ගමන් කිරීමට නොමිලේ කුලී රථ සේවාවක් ලබාදීමට ඉතාලි රජය සූදානම් වනවා.
සේවාව ලබාදීමට අදාල නියමු ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මකයි.
එය ලබන සැප්තැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකයි.
නියමු ව්‍යාපෘතිය ඉතාලියේ ප්‍රධාන රාත්‍රී සමාජ ශාලා 6ක් කේන්ද්‍රකර ගනිමින් සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.
ශරීරයේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ කුලී රථ සේවාව ලබාදෙන බවයි ඉතාලි ප්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ.
සම්පූර්ණ රජයේ වියදමෙන් මෙම සේවාව සපයාදීම විශේෂත්වයක්.
බීමත්ව රිය පැදවීම මේ වනවිට ඉතාලියට විශාල ගැටලුවක් වී ඇති අතර සිදුවන අනතුරු ප්‍රමාණය අවම කිරීමට නව සේවාව හරහා හැකියාව ලැබෙන ඇති බවටයි ඉතාලි ප්‍රවාහන අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ
The post බීමත් පුද්ගලයින්ට තම නිවෙස් බලා යාමට නොමිලේ කුලී රථ appeared first on ITN News.
Post a Comment