Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය සමඟ විවෘත සංවාදයක් අවශ්‍යයි – බ්‍රිතාන්‍ය  

Add comments

චීනය සමඟ විවෘත සංවාදයක් අවශ්‍ය බව බ්‍රිතාන්‍යය අවධාරණය කරනවා.

ජී 20 සමුළුව අතරතුර බ්‍රිතාන්‍යය හා චීන අගමැතිවරුන් හමු වු අවස්ථාවේ දී ඒ පිළිබද සාකච්ඡා වුණා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් හා චීන අග්‍රාමාත්‍ය ලී කර්චියැන්ග් අතර පැවති සාකච්ඡාවේ දී චීනය සිදුකළ අනවශ්‍ය මැදිහත්වීම් පිළිබද බ්‍රිතාන්‍යය කනස්සල්ල පළ කර තිබෙනවා.

චීන නිල රහස් පනතට අනුව බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබද එහිදි සාකච්ඡා වී තිබෙනවා.

පසුව ඔවුන් ඇප මත මුදා හැරීමටයි කටයුතු කෙරුණේ.

මේ පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දීද උණුසුම් වාදවිවාද ඇති වුණා.

කෙසේ වෙතත් චීනය සමග සිදුකරන විවෘත සංවාදයක් හරහා මේ පිළිබද සාකච්ඡා කළ යුතු බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර ඇත්තේ.

 

 

The post චීනය සමඟ විවෘත සංවාදයක් අවශ්‍යයි – බ්‍රිතාන්‍ය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG