Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිල් ගංගාව හරස් කර හැදූ වේල්ල ගැන විරෝධතා  

Add comments

ඉතියෝපියාව නයිල් ගඟ හරස් කර ඉදිකර ඇති වේල්ලට ඊජිප්තු ඇතුලු රටවල් රැසක් විරෝධය පළ කරනවා.

නිල් නයිල් ගංගාව හරස් කර ජල විදුලිය නිපදවීම සදහා ඉදිකර ඇති වේල්ල දැඩි මතභේදයකට තුඩු දී තිබෙනවා.

2011 වසරේ දී එහි ඉදි කිරීම් ආරම්භ කළ අතර මේ සදහා ඩොලර් බිලියන 4.2ක මුදලක් වැයකර තිබෙනවා.

එහි සිව්වන සහ අවසාන කොටස ජලයෙන් පිරවීමේ කටයුතු මේ වන විට සිදුකර ඇති බවයි ඉතියෝපියා අග්‍රාමාත්‍ය අභි අහමඩ් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් 2022 වසරේ සිට විදුලිය නිපදවීම ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉතියෝපියාවට පහළ රටවලට නයිල් ජලය නිසි පරිදි නොලැබෙන බවටයි චෝදනා එල්ල වන්නේ.

එමගින් උත්පාදනය කරන විදුලි ප්‍රමාණය මෙගා වොට් 6000කට අධිකයි.

The post නයිල් ගංගාව හරස් කර හැදූ වේල්ල ගැන විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG