Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා සංගමය රටවල් පහකට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරේ  

Add comments

හංගේරියාව, පෝලන්තය හා ස්ලෝවැකියාව , යුක්‍රේන ධාන්‍ය සඳහා වන තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

යුරෝපා සංගමය යුක්‍රේනයේ අසල්වැසි රටවල් පහකට බලපාන පරිදි තහනමක් පැනවීමට කටයුතු කර තිබුණා.

ඒ යුක්‍රේනයෙන් සිදු කෙරෙන ආනයන සඳහායි.

මැයි මාසයේදී යුරෝපා සංගමය පනවන ලද සීමා කිරීම් මගින් පෝලන්තය, බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාවට යුක්‍රේන තිරිඟු, බඩ ඉරිඟු සහ සූරියකාන්ත බීජ දේශීය අලෙවිය තහනම් කර තිබෙනවා.

යුරෝපා කොමිසමේ තීරණය  නොසලකා පෝලන්තය මෙම තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

ධාන්‍ය, එළවළු, මස් නිෂ්පාදන කිහිපයක් සහ මී පැණි ඇතුළු යුක්‍රේන කෘෂිකාර්මික නිෂ්පාදන 24 ක් සඳහා හංගේරියාව ද තහනමක් පනවා තිබෙනවා.

බල්ගේරියාව හැර සෙසු රටවල් සැප්තැම්බර් 15වනදා දක්වා තහනම දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

 

 

The post යුරෝපා සංගමය රටවල් පහකට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG