Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොසිල ඉන්ධන භාවිතය නවත්වන්නැයි ඉල්ලමින් ලොව පුරා විරෝධතා මාලාවක්  

Add comments

පොසිල ඉන්ධන භාවිතය නවත්වන්නැයි ඉල්ලමින් ලොව පුරා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වනවා.

ගෝලීය දේශගුණික විපර්යාස සඳහා ෆොසිල ඉන්ධන භාවිතය හේතුවක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

ඊයේ , අද සහ හෙට රටවල් 54ක වීදි පුරා පෙළපාලිවලින් ගමන් කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මිහිතලය උණුසුම් කරන පොසිල ඉන්ධන දහනය කිරීම ක්‍රමයෙන් ඉවත් කළ යුතු බවයි.

ගංවතුර, ලැව්ගිනි සහ නියඟයෙන් වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවූ සහ ආර්ථික විනාශයක් සිදුවූ වසරක් ලෙස මේ වසර හැඳින්විය හැකියි.

පකිස්ථානයේ සහ නයිජීරියාවේ සිට ඇමරිකාව දක්වා රැස්වීම් 500 කට වඩා සැලසුම් කර තිබෙනවා.

 

 

The post පොසිල ඉන්ධන භාවිතය නවත්වන්නැයි ඉල්ලමින් ලොව පුරා විරෝධතා මාලාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG