Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටෙයි  

Add comments

බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස අනතුරට පත්ව ඇත්තේ අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක්.

අනතුර සිදුව ඇත්තේ, අයහපත් කාලගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදීයි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ සංචාරකයින් 12 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනායි.

බ්‍රසීල බලධාරීන් සඳහන් කළේ මේ වන විට අනතුර පිළිබඳ කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

යානය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

The post බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG