Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලි හමුදා ජෙට් යානයක් මෝටර් රථයක් මතට කඩා වැටෙයි  

Add comments

ඉතාලි හමුදා ජෙට් යානයක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබෙනවා.

මෝටර් රථය තුළ සිටි පස් හැවිරිදි දැරියක් මියගොස් ඇයගේ සහෝදරයා බරපතල තුවාල ලැබුවා.

ඉතාලි මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ජෙට් යානය කුරුල්ලන් රංචුවක ගැටී එම කුරුල්ලෙකු එන්ජිමට ඇතුළුවීමෙන් එය ක්‍රියා විරහිත වන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

අනතුර සිදුවනවාත් සමඟ ගුවන් නියමුවා යානයෙන් බවතට විසිවී පැරෂුටයෙන් ආධාරයෙන් බැස ඇති බවද සඳහන්.

ජෙට් යානය කඩාවැටීමත් සමඟ ගිනි ගැනීමක් ද සිදුව ඇති අතර මෙය භයානක ඛේදවාචකයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ජෙට් යානය ඉතාලි ගුවන් හමුදාවේ සියවැනි සංවත්සරය සනිටුහන් කිරීමේ උත්සවයට එක්කිරීමට නියමිතව තිබුණා.

 

 

 

 

The post ඉතාලි හමුදා ජෙට් යානයක් මෝටර් රථයක් මතට කඩා වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG