Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උ.කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව අද දිනයේදීත් කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා.

උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය ජපාන මුහුදට පතිත වූ බවයි ජපානයේ එන්.එච්.කෝ පුවත් සේවය සඳහන් කරන්නේ.

මිසයිලය ගමන් ආරම්භ කර මිනිත්තු 05 ක පමණ කාලයකට පසු මෙලෙසෙ මුහුදට පතිත වී තිබෙනවා.

අත්හදා බැලූ මිසයිලය කුමන වර්ගයට අයත් මිසයිලයක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් හමුවීම සඳහා රුසියාවට ගොස් සිටින අවස්ථාවක මෙම මිසයිල අත්හදා බැලීම සිදු කිරීම විශේෂත්වයක්.

උතුරු කොරියා නායකයා රුසියාවට අධි ආරක්ෂිත දුම්රියකින් ඊයේ දිනයේදී ගමන් කළ අතර ඔහුව මහත් හරසරින් පිලිගත් බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය නායකයින් දෙදෙනා අතර සාකච්ඡාව පැවැත් වෙන ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් හෙලි කර නොමැති අතර උතුරු කොරියාවෙන් රුසියාවට අවි ආයුද හා රුසියාවෙන් උතුරු කොරියාවට ආහාර ,තාක්ෂණික දැනුම හුවමාරු  කර ගැනීමට නියමිත බව  ඇමෙරිකා බුද්ධි අංශ අනාවරණය කරනවා.

 

 

 

The post උ.කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG