Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි නගරය තුළ ගිණිකෙළි භාවිතය යළිත් වරක් තහනම් කෙරේ  

Add comments

ඉන්දියාවේ දිල්ලි නගරය තුළ ගිණිකෙළි භාවිතය යළිත් වරක් තහනම් කර තිබෙනවා.

වායු දූෂණය අවම කිරීමේ අරමුණිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දීපාවලී උත්සව සමයේදී ඉන්දියාවේ ගිණිකෙළි භාවිතය වාර්තා ගත ලෙස ඉහළ මට්ටමක පවතින අතර ඊට සමගාමීව වායු දූෂණය ද ඉහළ යනවා.

නව තහනමත් සමඟ ගිණිකෙළි නිෂ්පාදනය, ගබඩා කිරීම, වෙළෙදසැල් තුළ අලෙවිය, ඔන් ලයින් වෙළෙදාම, හා භාවිතය සපුරා තහනම් වනවා.

එමෙන්ම ගිණිකෙළි සඳහා අවසර පත් නිකුත් කිරීමද තහනම් කරන ලෙසයි ප්‍රාන්ත රජය පොලීසියට දැනුම් දී ඇත්තේ.

දීපාවලී උත්සව සමයේදී ගිණිකෙළි භාවිතය ඔවුන්ගේ සැමරුම් සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙසද සැළකෙනවා.

 

The post දිල්ලි නගරය තුළ ගිණිකෙළි භාවිතය යළිත් වරක් තහනම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG