Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි  

Add comments

බංග්ලාදේශයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

මෙම වසරේදී ඩෙංගු රෝගය හේතුවෙන් රෝහල්ගත වී ඇති සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකට අධික බවයි බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඩෙංගු රෝගය හේතුවෙන් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව හත්සිය හතළිස් එකක්.

ඊයේ දිනයේ දී නව ඩෙංගු මරණ 11 ක් සහ රෝගීන් 2944 දෙනෙකු හමු වී තිබෙනවා.

හමුවන රෝගින්ගෙන් බහුතර සංඛ්‍යාවක් ඩකා අගනුවරින් වාර්තා වන අතර එම සංඛ්‍යාව හැටඅට දහසකට අධිකයි.

එමෙන්ම මරණ 528 ක් සිදුව ඇත්තේ ද ඩකා අගනුවරයි.

පළමු වරට බංග්ලාදේශයෙන් ඩෙංගු රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2000 වසරේ දී වන අතර එම වසරේදී රෝගීන් 5551 දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 93 ක්.

 

 

 

 

The post බංග්ලාදේශයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG