Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 2300ක් දක්වා ඉහළට  

Add comments

ලිබියාවේ ගංවතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 2300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගංවතුරට හසුවීමෙන් තවත් පුද්ගලයින් දස දහසක් පමණ අතුරුදන්ව ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ.

ලිබියාවට බලපෑ ඩැනියෙල් සුළි කුණාටුව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා අධික වර්ෂාපතනයක් ඇද හැලුනා.

ඒත් සමඟම වේලි දෙකක් හා පාලම් හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ජලාශයන්හි ජලය පිටාර ගලා ඇති අතර සුනාමි තත්ත්වයක් ඇති වූ ආකාරයක් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ජලයට හසු වූ ජනතාව ගසා ගෙන ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඩර්නා නගරයටයි.

ඇමෙරිකාව, ජර්මනිය, ඉරානය, ඉතාලිය, කටාර් හා තුර්කිය ඇතුළු රටවල් රැසකින් සහන කණ්ඩායම් ලිබියාවට පිටත් කර හැර තිබෙනවා.

 

The post ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 2300ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG