Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිනිස් මොළයට චිප් එකක් බද්ධ කිරීමට සැරසෙන ඊලෝන් මස්ක්  

Add comments

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන්නේ ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ය.

ඔහු මේ වන විට නවෝත්පාදන සමාගම නියුරලින්ක්, නව අදියරයකට පිවිස තිබෙනවා.

ඒ අංශභාගයෙන් අප්‍රාණික ව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සඳහා අවසර හිමි වීමත් සමඟයි.

ඒ සඳහා එනම් මිනිස් මොළයට ආගන්තුක කෘත්‍රීම මෙවලමක් සවිකිරීමේ අවදානම නිසා ඒ සඳහා මෙතෙක් අවසර හිමි වූයේ නැහැ.

කොඳුඇට පෙළට සිදු වූ හානියකින් අප්‍රාණික වූ හෝ අත් පා අප්‍රාණික වීමේ රෝගයට ගොදුරු වූ රෝගීන්ට නියුරලින්ක් අධ්‍යයනය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ සඳහා වසර 06ක් පමණ ගත වනු ඇති බව විශ්වාස කෙරෙන අතර එම අධ්‍යයනය සඳහා තෝරා ගන්නා රෝගීන්ගේ මොළයේ චලනයන් පාලනය කිරීමේ කලාපයේ නියුරලින්ක් පරිගණක චිපය ස්ථානගත කෙරෙයි.

ඒ රොබෝවක් ආධාරයෙන්.

මුලින්ම උත්සාහ කෙරෙනු ඇත්තේ එම රෝගීන්ට සිතිවිල්ලකින් පමණක් පරිගණකයේ කර්සර් එක හෝ කී බෝඩ් එක හැසිරවිය හැකි දැයි සොයා බැලීම  සඳහායි.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය සාර්ථක වුවත් නියුරලිනික් පරිගණක චිප් මිනිස් මොළයට බද්ධකොට අප්‍රාණික වූ අත් පා  පණ ගැන්වීම සඳහා වාණිජමය වශයෙන් යොදාගැනීමට තවත් වසර 10ක් පමණ ගතවනු ඇති බවටයි වාර්තා වන්නේ.

The post මිනිස් මොළයට චිප් එකක් බද්ධ කිරීමට සැරසෙන ඊලෝන් මස්ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG