Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩා අගමැති පාර්ලිමේන්තුවේදී සමාව අයදියි  

Add comments

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පාර්ලිමේන්තුවේ දී සමාව අයැද සිටියා.

දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව වෙනුවෙන් සටන් කළ සෙබළෙකුට පාර්ලිමේන්තුවේදී ගෞරවය පිරිනැමීම හේතුවෙන් ඔහු මෙලෙස සමාව අයැද සිටියා.

තමා එම පුද්ගලයා කවුරුන්ද යන්න නිසි අවබෝධයකින් තොරව එම ප්‍රකාශය සිදු කළ බවයි ජස්ටින් ටෘෘඩෝ පවසන්නේ.

තමා අතින් සිදු වූ බරපතළම වැරැද්දක් ලෙස ඔහු මෙය හඳුන්වනවා.

නාසි පාලනය යටතේ පීඩාවට පත් වූ ජනතාවගේ අමිහිරි මතකයන් යළි සිහි කිරීම මේ හරහා සිදු වූ බවට ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා කරනවා.

98 හැවිරිදි යුක්‍රේන ජාතික යාරොස්ලාව් හුන්කා නමැති නාසි සෙබළාට කැනඩා පාර්ලිමේන්තුවට ආරාධනා කිරීමේ වගකීම භාරගත් කථානායක ඇන්තනි රොටා පසුගිය අඟහරුවාදා ධූරයෙන් ඉල්ලා අස්වුණා.

 

The post කැනඩා අගමැති පාර්ලිමේන්තුවේදී සමාව අයදියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG