Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ පාසල් 56,000ක් තාවකාලිකව වසා දැමේ  

Add comments

අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් පනස්දහසකට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඉතාමත් සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් 56000ක් පමණ වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ස්පර්ශය හරහා ව්‍යාප්ත වන මෙම අක්ෂි රෝගය හේතුවෙන් අක්ෂි රතු පැහැය ගැන්වෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම කැසීම හා ඇස් වලින් ශ්‍රාවයන් පිටවීම ද සිදුවන බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.

ස්පර්ශයට අමතරව කැස්ස හා කිවිසුම් ආශ්‍රිතව රෝගය පැතිර යාමේ ප්‍රවණතාවය ඉහළ බව ද සඳහන්.

පාකිස්තානයේ වැඩිම ජනගහයක් වාසය කරන පංජාබ් ප්‍රාන්තය තුළින් පමණක් අක්ෂි රෝගීන් තුන්ලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

පාසල් වසා දැමීම හරහා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණ වන අතර මිලියන ගණනක සිසුන් පිරිසකට තම නිවෙස්වලට වී කාලය ගත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post පාකිස්තානයේ පාසල් 56,000ක් තාවකාලිකව වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG