Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 26

මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දමයි  

Add comments

මාලි රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා.

මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මැතිවරණය කල්දැමීමට සිදුවන බවයි එරට හමුදා පාලනය නිවේදනය කර ඇත්තේ.

පෙබරවාරි 4 සහ 18 යන දෙදින තුළදී අදියර දෙකක් යටතේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා.

නව ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ දී මෙම තාක්ෂණික ගැටලුව පැනනැගී ඇති බවයි හමුදා පාලනය පෙන්වා දෙන්නේ.

කෙසේ වුවද මැතිවරණය පැවැත්වීමට යෝජිත දිනයක් සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් දැනුම් දී නැහැ.

The post මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG