Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ හිටපු ජනාධිපතිවරයෙක් හදිසියේ මිය යයි  

Add comments

2006 වසරේ සිට 2015 වසර දක්වා ඉතාලියේ ජනාධිපති ලෙස කටයුතු කළ ජෝර්ජියෝ නැපොලිටානෝ රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

ඔහු මිය යන විට 98 වැනි වියේ පසු විය. ඉතාලියේ දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරය දැරුවා.

ඉතාලියේ වත්මන් අගමැතිනි Giorgio Meloni ගේ කාර්යාලය ජෝර්ජියෝ නැපොලිටානෝගේ පවුලේ අයට ඉතාලි රජයේ ශෝකය ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා කරනවා.

මොහු 2006-2015 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළ නැපොලිටානෝ නැවතත් එම තනතුරට තේරී පත් වූ එකම පුද්ගලයා ලෙස ඉතිහාසගත වන අතර ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ දශකයකට අඩු කාලයකදී විවිධ අගමැතිවරුන් පස් දෙනෙකු සමඟ කටයුතු කර තිබෙනවා.

ඔහුගේ අනුප්‍රාප්තිකයා වන සර්ජියෝ මැටරෙල්ලා තවමත් එම තනතුරේ තවමත් සිටි.

දැනටමත් ඉතාලියේ නූතන ඉතිහාසයේ දෙවන වැඩිම කාලයක් සේවය කළ ජනාධිපතිවරයා සර්ජියෝ මැටරෙල්ලායි.

1925 දී නේපල්ස් හි උපත ලද නැපොලිටානෝ 1945 වසරේදී ඉතාලි කොමියුනිස්ට් පක්ෂයට බැඳී සිය දේශපාලන ජීවිතය ආරම්භ කළා.

ඔහු ප්‍රථමයෙන් 1953 වසරේදී ඉතාලියේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ අතර, එතැන් සිට 1996 දක්වා සෑම මැතිවරණ ව්‍යාපාරයකදීම අපරාජිතව සිටීයා.

The post ඉතාලියේ හිටපු ජනාධිපතිවරයෙක් හදිසියේ මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG