Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක්  

Add comments

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රබල සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙනුයි මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

නගර රැසක උමං මාර්ග මෙන්ම වීථි ජලයෙන් යට වී පවතිනවා. ලාගර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් වසා දැමීමටයි බලධාරීන් ක්‍රියා කළේ.

නගරයේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර් 20 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආරක්ෂිත පියවර ගන්නා ලෙස නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා ජනතාවට දැනුම් දෙනවා. මෙට්ට්‍රොපොලිටන් ප්‍රවාහන ඒජන්සියට අනුව නිව්යෝර්ක් හි උමං මාර්ග පද්ධතියට හා මෙට්ට්‍රොනෝර්ත් මගී දුම්රිය සේවාවට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

උමං මාර්ග සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG