Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට  

Add comments

සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බව බටහිර නායකයන් අවධාරණය කිරීමත් සමඟ ගාසා තීරයට වැඩි වශයෙන් ආධාර ලැබෙමින් පවතිනවා.

මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් නිවේදනය කළා.

එය පලස්තීනුවන්ගේ තවත් කුඩා හෝ බලාපොරොත්තු දල්වන්නක් බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් තවත් බොහෝ දේ අවශ්‍ය බව හෙතෙම් අනතුරු අඟවනවා. දිනකට ට්‍රක් රථ කිහිපයක් යැවීම ප්‍රමාණවත් නොවන අතර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය යන රටවල නායකයින් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටින අතරම ඊශ්‍රායලයට සහය පළ කර තිබෙනවා.

මීට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය හමුදාවන්ට ප්‍රකාශ කළේ තම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට මරණයට මුහුණ දී සටනක නිරත වන ලෙසයි.

1400 කට අධික පිරිසක් ඝාතනය කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කර මේ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. ගාසා තීරයේ පලස්තීන බලධාරීන් පවසන්නේ ගැටුම් වලින් 4,600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

 

 

 

 

The post මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG