Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට ඉදිරි පැය 24 ගැන අනතුරු අඟවයි  

Add comments

උතුරු ගාසා තීරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාව ඉදිරි පැය 24 තුළ වහාම දකුණු ගාසා තීරයට යොමු විය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ආසන්න වශයෙන් මිලියන 1.1ක ජනතාවක් උතුරු ගාසා තීරයේ සිටින බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම අනතුරු ඇඟවීම් ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක නොමැතිව මෙවැනි ගැටුමක් සිදුවිය නොහැකි බවයි.

මේ වනවිට  ගාසා තීර දේශසීමාවේ ඊශ්‍රායලය සොල්දාදුවන් බර කාල තුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටිනවා.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ලකළ හදිසි ප්‍රහාරයෙන් පසු පසුගිය සෙනසුරාදා සිට දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හට ගෙන තිබෙනවා.

 

 

 

The post ගාසා තීරයට ඉදිරි පැය 24 ගැන අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG