Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමාස් සංවිධානය සහ පුටින් දිනවීමට ඉඩ නොදෙන බව ජෝ බයිඩෙන් කියයි  

Add comments

හමාස් සංවිධානය හා රුසියා ජනපති පුටින් දිනවීමට තමන් ඉඩ නොදෙන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් පවසනවා.

ඊශ්‍රායලයට එරෙහි හමාස් ප්‍රහාරය පිලිබඳ ඇමරිකා ප්‍රතිචාරය දක්වමින් ජනාධිපති ජෝ බයිඩෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඊශ්‍රායල හා යුක්‍රේන යුධ ගැටුම් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් ඇමරිකා කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටින බව බයිඩෙන් එහිදී පැවසුවා.

සැප්තැම්බර්  11  ප්‍රහාරයෙන් පසු ඇමරිකාව බොහෝ දේ ඉගෙන ගත් බවත් කෝපයෙන් අන්ධ වීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු ඊශ්‍රායල නායකයින්ගෙන් ඉල්ලා සිටියා.

ඊශ්‍රායල සංචාරයෙන් පසුව ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ දීමට ඊජිප්තුව සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසුවයි බයිඩෙන් මේ බව ප්‍රකාශ කළේ.

ඊශ්‍රායලය තම දේශසීමාව හරහා ජලය, විදුලිය, ආහාර සහ ඉන්ධන සැපයීම අවහිර කරමින් ගාසා තීරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක නිරත වනවා.

ගැටුම් වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ගාසා තීරයේ පුද්ගලයින් 3,700 කට වැඩි පිරිසක් මිය ගියා.

 

 

 

 

The post හමාස් සංවිධානය සහ පුටින් දිනවීමට ඉඩ නොදෙන බව ජෝ බයිඩෙන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG