Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්අඩංගුවෙන් පලා යාමට හැදූ හිටපු ජනපති – විදෙස් පුවත්  

Add comments

බලයෙන් පහ කළ නයිජර් හි හිටපු ජනපති මොහොමඩ් බසූම් අත්අඩංගුවෙන් පලා යාමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කළ බව නයිජර් හි හමුදා රජය පවසනවා.

හිටපු ජනාධිපතිවරයා සිය පවුලේ අය / අරක්කැමියන් සහ ආරක්ෂකයන් සමග රාත්‍රි යේ පළා යාමට උත්සාහ කළ බවයි එරට හමුදා ප්‍රකාශකවරයා පවසා ඇත්තේ.

මෙම පිරිස හෙළිකොප්ටර්වලින් පියාසර කිරීමට සැලසුම් කර තිබුණද එය ව්‍යර්ථ වූ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මේ වන විට රඳවා සිටින්නේ කුමන ස්ථානයක ද යන්න හෙළිව නැහැ.

පසුගිය ජූලි 26 වනදා ජනාධිපති ආරක්ෂකයින් සිදුකළ කුමන්ත්‍රණයකින් පසු නයිජර් ජනාධිපති මොහොමඩ් බසුම් නිවාස අඩස්සියට පත්වුණා.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වු ජනාධිපතිවරයෙකු වන අතර නිල වශයෙන් ඉල්ලා අස්වීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

The post අත්අඩංගුවෙන් පලා යාමට හැදූ හිටපු ජනපති – විදෙස් පුවත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG