Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සරණාගතයින් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ගත් තීරණය  

Add comments

සරණාගතයින් සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රෙසල්ස් නගරයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලකළ ස්වීඩ්න් ජාතිකයින් දෙදෙනෙකු හා ප්‍රංශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පසුවයි යුරෝපා සංගමය මෙම තිරණය ගෙන ඇත්තේ.

එම ඝාතනයන්ට සරණාගතයින්ගේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය වීම ඊට හේතුවී තිබෙනවා.

යුරෝපා රටවල අභ්‍යන්තර කටයුතු හා අධිකරණ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවකින් පසුවයි යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුරෝපා රටවල් ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ලවිය හැකි බවටද මේ වන විට මත පළවනවා.

එබැවින් කලාපීය ආරක්ෂාව තර කිරීමට ද යුරෝපා සංගමය පියවර ගනිමින් සිටින බවද සඳහන්.

The post සරණාගතයින් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ගත් තීරණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG