Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර යුක්රේනයේ අව්ඩීව්කා නගරය අවට දරුණු සටන්  

Add comments

රුසියා හමුදා නැගෙනහිර යුක්රේනයේ අව්ඩීව්කා ප්‍රදේශයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

මෙම ප්‍රදේශයට එල්ල කළ ෂෙල් ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගියා.

කෙසේ වෙතත් යුක්රේන බලධාරීන් ප්‍රකාශ කරන්නේ අව්ඩීව්කා,  ටොනෙන්ක් හා පර්වොමයිස්ක් ඇතුලු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාර 15ක් සාර්ථකව තම හමුදා ව්‍යර්ථ කළ බවයි.

මේ අතර රුසියා ජනාධිපති වැල්ඩිමිර් පුටින් රුසියා රූපවාහිනිය අමතමින් ප්‍රකාශ කළේ යුක්රේනය එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් මැඩපැවැත්වීමේ හැකියාව තමන්ට පවතින බවයි.

ඩ්‍රෝන යානා 27ක් යොදා ගනිමින් යුක්රේනය එල්ල කළ ප්‍රහාරය ව්‍යර්ථ කළේ එම යානා 18ක් බිම හෙළමින් බවයි රුසියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post නැගෙනහිර යුක්රේනයේ අව්ඩීව්කා නගරය අවට දරුණු සටන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG