Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ රෝහල්වල දහස් ගණනක් මියයාමේ අවදානමක්  

Add comments

ගාසා රෝහල් තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් පැය 24කට පමණක් බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

ගාසා රෝහල්වලට අවශ්‍ය ඉන්ධන සංචිත ලබාදීමට නොහැකි වුවහොත් රෝගීන් දහස් ගණනකගේ ජිවිත අනතුරට ලක්වන බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.

දැනට පවත්නා ඉන්ධන සංචිත ඉදිරි පැය 24ක කාලය තුළ දී අවසන් වී යනු ඇති බවටයි එම සංවිධානය සදහන් කරන්නේ.

ඉන්ධන අවසන් වීමත් සමග රෝහල්වලට අවශ්‍ය විදුලි බලය සපයා ගැනීමට නොහැකිවීම හරහා දැඩි අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගෙනු ඇති බව ද එම සංවිධානය පවසනවා.

එමෙන්ම ගාසා වැසියන්ට අවශ්‍ය ජලය,  ආහාර,  ඖෂධ හා විදුලි බලය සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මානූෂීය අර්බුදයක් හට ගෙන ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායල වැසියන් 1400කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කිරීමත් සමග මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 2500කට අධික වන අතර තවත් දහසක් පමණ කඩා වැටුණු ගොඩනැගිලි තුළ සිරව සිටින බවයි පලස්තීන බලධාරීන් සදහන් කරන්නේ.

 

 

 

 

 

The post ගාසා තීරයේ රෝහල්වල දහස් ගණනක් මියයාමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG