Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් හිතවාදියකු ඇමෙරිකාවේ නව කතානායක වෙයි  

Add comments

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවී තිබෙනවා.

ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන්ට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර, ඔහුට විරෝධය දැක්වූ ගණන 209 කි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවයි.

සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ කෙවින් මකාති පසුගිය ඔක්තෝබර් 3 වැනිදා විශ්වාසභංගයකින් ඉවත් කළ බැවිනි ඇමෙරිකන් කතානායකවරයකු විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පළමු අවස්ථාව වූයේ මෙයයයි.

ඉන්පසු කතානායක ධුරයට සුදුස්සකු තේරා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් පැවැතිණි.

නව කතානායක ලෙස ධුරයට පත්වුණු මයික් ජොන්සන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදියකු බව දැක්වෙනවා.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, නව කතානායක ලෙස තේරී පත්වුණු ජොන්සන්ට සුබ පැතුම් එක් කර තිබෙනවා.

The post ට්‍රම්ප් හිතවාදියකු ඇමෙරිකාවේ නව කතානායක වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG