Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රහාර අඩු නොකරන බව ඊශ්‍රායලය කියයි  

Add comments

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක 400කට ප්‍රහාර එල්ල කළ බවත් එම කාලය තුළ හමාස් අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු මරා දැමූ බවත්ය.

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කළද තම ප්‍රහාර අඩු නොකරන බව ද ඊශ්‍රායලය පවසනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන තිරසාර සහ ආරක්ෂිත මානුෂීය ප්‍රවේශයක් තවදුරටත් ඉල්ලා සිටිනවා.

විදුලිය, ඖෂධ සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ගාසා තීරයේ රෝහල්වලින් තුනෙන් එකක් තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර පිරිසිදු ජල හිඟය දැන් උග්‍ර වී තිබෙනවා.

 

 

 

The post ප්‍රහාර අඩු නොකරන බව ඊශ්‍රායලය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG