Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ විරෝධතාවක් අතරතුර 200 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි කාන්තාවන් විසින් මෙහෙයවන ලද විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

විරෝධතාව මෙහෙය වූ  මහරන්ග් බලෝච් ඇතුළු 200 දෙනෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලොකිස්තාන් පලාතේ ජනතාව  බලහත්කාරයෙන් අතුරුදන් කරන බව පවසමින් ඊට එරෙහිව පාකිස්ථානය පුරා සති ගණනාවක් තිස්සේ විරෝධතා පෙලපාලි පැවැත් වෙනවා.

පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කළ බවට ඥාතීන් චෝදනා කරන බලුච් ජාතිකයෙකුගේ මරණය මීට හේතුවයි.

ඉස්ලාමාබාද්හි අධිකරණ ආදිය පිහිටි ආරක්ෂිත කලාපයට ඇතුළුවීමට යාමේදී පොලීසිය එය මැඩපැවැත්වීමට උත්සාහ කළා.

එහිදී දෙපාර්ශ්වය අතර ගැටුම් හටගත්තා.

 

The post පාකිස්තානයේ විරෝධතාවක් අතරතුර 200 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG