Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීන වැසියන් ලක්ෂ 7ක් රෆා අතහැර පලායයි  

Add comments

පලස්තීන ජාතිකයින් ලක්ෂ 7ක් පමණ රෆා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් පානීය ජලය හා ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා.

සතියකට අධික කාලයක් පුරා ඊශ්‍රායලය එම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග සහන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මධ්‍යයේ ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 35272 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු පිරිස 79205ක් ලෙසයි සටහන් වන්නේ.

The post පලස්තීන වැසියන් ලක්ෂ 7ක් රෆා අතහැර පලායයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG