Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක්  

Add comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා අතර නිල නොවන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ඊයේ(16) රාත්‍රියේ බෙයිජිං හි Zhongnanhai මණ්ඩපයේ දී‍.

ලෝකයේ සාමය හා ඒකාබද්ධ සංවර්ධනය සහතික කිරීම සඳහා රුසියාව මෙන් ම සෙසු රටවල් සමග එක්ව, සහයෝගිතා තහවුරු කරමින් ගෝලීය පාලනය සඳහා වන නිවැරදි ගමනකට මඟපෙන්වීමට චීනය කැමති බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කිසිදු බලවේගයකට චීනයේ ප්‍රගමනය අවහිර කළ නොහැකි බව පූටින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. චීනය හා සෙසු ‘ගෝලීය දකුණේ’ රටවල් සමග එක්ව සහයෝගිතා වැඩිදියුණු කර ජාත්‍යන්තර සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් වැඩි සමානත්වයෙන් හා බහුධ්‍රෑවකරණයෙන් යුතු ලෝකයක් ගොඩනැංවීම සහතික කිරීමට තම රට සූදානම් බව ද පූටින් මහතා එහිදී පවසා තිබෙනවා.

මෙම නායක දෙපළ යුක්රේන අර්බුදය පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින්, දේශපාලන ක්‍රමයෙන් අර්බුදය හැකි ඉක්මනින් විසඳා ගැනීම එකඟ වී තිබෙනවා.

The post චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG