Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක්  

Add comments

ඊශ්‍රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මතභේදාත්මක ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල යුද කැබිනට්ටුව දෙකඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සදහන් කරන්නේ ගාසා තීරය තුළ ඊශ්‍රායල පාලනක් ඇති විමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දැඩි මතභේදාත්මක ගැටුම් ඇති කර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට අභියෝග කරමින් ඔහු සදහන් කරන්නේ ගාසා තීරය තුළ ඊශ්‍රායල මිලිටරි පාලනයක් හෝ සිවිල් පාලනයක් ඇති වීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවයි.

පසුගිය වසෙර් දී අග්‍රාමාත්‍යවරයා ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ කළ ද එය ද අසාර්ථක වුණා.

මේ වන විට යුද කැබිනට් මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම ගැලන්ට් ට සහාය දක්වන බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ඊශ්‍රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG