Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල-හමාස් නායකයන්ට වරෙන්තු නිකුත් කරන්නැයි යුද අධිකරණයට ඉල්ලීමක්  

Add comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර යුද අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබෙනවා.

ජාත්‍යන්තර යුද අධිකරණයේ ප්‍රධාන නඩු ගොනු කරන්නා ලෙස ක්‍රියාකරන කරීම් ඛාන් මෙලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා තිබෙනවා.

සාහසික ලෙස මනූෂ්‍ය ඝාතන සිදුකිරීම හේතුවෙනුයි මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරිම හරහා ඊශ්‍රායල වැසියන් ඝාතනය කිරීම හා ඊශ්‍රායලය ගාසා තිරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් ජිවිතක්ෂයට පත්වීම ඊට හේතු ලෙස නම් කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙන්ම එරට ආරක්ෂක අමාත්‍යවරයා හා හමාස් සංවිධානයේ නායකයින් තුන් දෙනෙකු දැනට සිදුකෙරෙමින් පවත්නා ඝාතනයන්ට වගකිව යුතු බවයි කරීම් ඛාන් නිවේදනය කරන්නේ.

යුද අපරාධ හා මනූෂ්‍යත්වයට එරෙහි අපරාධ දෙපාර්ශවයම සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහි වරෙන්තු නිකුත් කරනු ඇති බවට කරිම් ඛාන් විශ්වාසය පළ කරනවා.

 

 

 

The post ඊශ්‍රායල-හමාස් නායකයන්ට වරෙන්තු නිකුත් කරන්නැයි යුද අධිකරණයට ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG