Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා ජනගහනයෙන් 40%ක් සති දෙකක් ඇතුළත අවතැන් – ජගත් සංවිධානය  

Add comments

ගාසා ජනගහනයෙන් සියයට 40ක ප්‍රතිශතයක් සති දෙකක් ඇතුළත දී අවතැන්භාවයට පත්ව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ගාසා සමස්ත ජන ගහනයෙන් සියයට 40ක ප්‍රමාණයක් නැතහොත් ලක්ෂ 9කට අධික ගාසා වැසියන් පිරිසක් පසුගිය සති දෙක තුළදී අවතැන්භාවයට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ උතුරු හා දකුණු ප්‍රදේශ දෙකම ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකිරීම ඊට හේතුවී තිබෙනවා.

එමෙන්ම රෆා ප්‍රදේශයෙන් ජනතාවට ඉවත්ව යන ලෙසට ඊශ්‍රායල ආරක්ෂක අංශ බලපෑම් කිරීම ද හේතුවී ඇති බවයි ජගත් සංවිධාන අනාවරණය කරන්නේ.

මේ අතර ගාසා තීරයේ ජබාලියා හා බෙයිට් ලහියා ප්‍ර දේශ වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

 

 

 

 

The post ගාසා ජනගහනයෙන් 40%ක් සති දෙකක් ඇතුළත අවතැන් – ජගත් සංවිධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG