Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයේ දින පහක ශෝක කාලයක්  

Add comments

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඉරාන අසර්බයිජාන් දේශසීමාවේ ඉදිකළ වේල්ලක් විවෘත කිරීමෙන් අනතුරුව ටැබ්‍රිස් නගරය බලා යළි පැමිණෙනමින් සිටියදී ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වුණා.

සෙනසුරාදා සන්ධ්‍යාවේ දි අනතුරට ලක්වු ගුවන් යානය සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණ ද අධික මීදුම් හා අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ උදෑසන වන තෙක් සහන කණ්ඩායම් හට ඊට ළගා වීමට නොහැකිවුණා.

ඩ්‍රෝන යානා ආධාරයෙන් අනතුරට ලක්වු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් ඊයේ උදෑසන සොයා ගැනුනා.

එහි ගමන් කළ  ඉරාන ජනාධිපතිවරයා,  විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුලු එහි ගමන් කළ සියලුදෙනා ඒ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සහන කණ්ඩායම් නිවේදනය කළේ.

ඉරාන ජනාධිපතිවරයා ගුවන් අනතුරෙන් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් රැසක් තම අතිශය සංවේගය ඉරාන රජයට සහ ජනතාවට පළ කළා.

එමෙන්ම ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී ඉරාන ජනාධිපතිවරයා සිහිකරමින් විනාඩියක නිශ්ෂබ්දතාවයක් සුරකීමට ද එහි සාමාජිකයින් කටයුතු කළා.

මේ අතර හෙලිකොප්ටර් යානා අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට ඉරාන රජය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් අනතුර සිදුවු ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති අතර මේ වන විටත් ඔවුන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ හදිසි අභාවය හේතුවෙන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස එරට උප ජනාධිපති මොහොමඩ් මොක්බර් පත්කෙරුණු අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අලී බගේරි ඛාන් පත්කෙරුණා.

ඉරාන ජනාධිපතිවරණය ලබන මස 28 වන දින පැවැත්වීමට නියමිතයි. ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයා ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වෙනවා.

එරට අධිකරණ,  විධායක හා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් එම තීරණය ගෙන තිබෙනවා.

මෙම මස 30 වන දිනට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තම නාම යෝජනා භාරදිය යුතු බවයි ඉරාන මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෑම රාජ්‍ය ආයතනයකම ජාතික ධජය අඩකුඹුකර තබන ලෙස උපදෙස් දී ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ.

 

The post ඉරානයේ දින පහක ශෝක කාලයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG