Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෙකෝබ් සුමා ඇත්තටම සුදුසු නැද්ද?  

Add comments

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජෙකෝබ් සුමාට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට සුදුසුකම් නොමැති බව අධිකරණය තීන්දුකර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා 2021 වසරේ දී අධිකරණයට අපහාස කිරීමට වරදකරු වීම හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

එයට වරදකරු වීම හේතුවෙන් ඔහුට මාස 15ක සිරදඩුවමක් ද නියම කෙරුණා.

දකුණු අප්‍රිකා ව්‍යවස්ථාව අනුව මාස 12ට වැඩි සිරදඬුවමක් ලබා ඇති කිසිම පුද්ගලයෙකුට එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙම මස 29 වන දින දකුණු අප්‍රිකා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

The post ජෙකෝබ් සුමා ඇත්තටම සුදුසු නැද්ද? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG