Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළට  

Add comments

ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර නිසි ආකාරයෙන් බෙදා හැරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළ යමින් පවතිනවා.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජබාලියා සරණාගත කඳවුර හා රෝහල් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ඊයේ දිනයේද අඛණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

කාලතුවක්කු හා යුද ටැංකි යොදා ගනිමින් මෙම ප්‍රහාර මාලාව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

තාවකාලිකව ඉදිකළ වරාය උපයෝගී කරගනිමින් ඇමෙරිකා හමුදාවේ මැදිහත්වීමෙන් රැගෙන ආ මානුෂීය ආධාර ටොන් 570 කට ආසන්න ප්‍රමාණය ගාසා වැසියන් වෙත ලබාදීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම සිදු කළහොත් ගාසා තීරය තුළ ක්‍රියාත්මක මානුෂීය ක්‍රියාන්විතයන් අත්හිටුවීමට සිදු වන බව ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

The post ගාසා තීරයට සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG