Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – 07කට බරපතලයි  

Add comments

සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට බැංකොක් බලා පැමි‍ණෙමින් සිටියදී උඩුගුවනේ දී වායු රික්තකයකට ඇතුලු වීමත් සමඟ සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බව සිංගප්පූරු ගුවන් සේවය නිවේදනය කරනවා.

ජෙෆ් කිචන් නැමැති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් පුද්ගලයින් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති ද ගුවන් සේවය නිවේදනය කරනවා.

ඔවුන්ගෙන් 07 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

මගීන් බොහෝ දෙනෙකු ආසනපටි පැලද සිට නොමැති අතර ඔවුන්ගුවන් යානයේ ඉහළ කොටසේ ගැටුණු බව එක් මගියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

එය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 211 දෙනෙකු හා කාර්යමණ්ඩලය 18 දෙනෙකු ගමන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්යානයේ ගමන් කළ සියලු මගීන්ගෙන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව අයැද සිටින බවයි ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමෙන්ම අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කරන ලෙස සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

The post ගුවන් අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – 07කට බරපතලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG