Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියා ජනපති ආර්යාවට ලියුකේමියාව වැළඳී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි  

Add comments

සිරියා ජනාධිපති ආර්යාව ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිද වන අස්මා අසාද් ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව පුළුල් වෛද්‍ය පරීක්ෂණ මාලාවක් සිදුකිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට ඇය රෝගයට ප්‍රතිකාර සදහා විශේෂ වැඩසටහන් යටතේ යොමුව සිටින අතර සියලු මහජන කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටින බව ජනාධිපති කාර්යාලය සදහන් කරනවා.

අස්මා අසාද් මීට පෙර පියයුරු පිළිකා සදහා ද ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. 2019 වසරේ අගෝස්තු මාසයේ දී ඇයගේ පියයුරු පිළිකා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වූ බව නිවේදනය කළා.

2020 වසරේ දී ඇය සිරියා ජනාධිපතිවරයා සමග විවාහ ගිවිස ගත්තා.

 

 

 

 

The post සිරියා ජනපති ආර්යාවට ලියුකේමියාව වැළඳී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG