Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාපයත් රනිලුත් නැතිවම සජිත්ගේ සමගි ජන බලවේගය කළඑළි දකී  

0 comments

එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකමුතුවෙන් ගොඩනැගුණු සමගි ජන බලවේගය සමුළුව නෙළුම් පොකුණේදී පැවැත්වෙනවා.

එළඹෙන මහ මැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයකගේ එකගතාව පළවී ඇති බව වාර්තා වනවා. නමුත් ඊට සජිත් පාර්ශ්වය එකගත්වය පළකර නැහැ. මෙම දේශපාලන මතගැටුම් අතරයි  එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකමුතුවෙන් ගොඩනැගුණු සමගි ජන බලවේගය සමුළුව පැවැත්වෙන්නේ.

 

 

 

The post එජාපයත් රනිලුත් නැතිවම සජිත්ගේ සමගි ජන බලවේගය කළඑළි දකී appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 137 දෙනෙකු දිවයිනට  

0 comments

COVID-19 වෛරසය හේතුවෙන් ඇමෙරිකාව , මැද පෙරදිග රටවල හා යුරෝපා කලාපයේ නායකයන් සංචාරක තහනම් පනවා තිබෙනවා.

වෛරසය හේතුවෙන් වායු දූෂණය පහත වැටී ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

මේ අතර දකුණු කොරියාවේ සිට මෙරටට ශ්‍රී ලාංකිකයන් 137 දෙනෙකු පැමිණ සිටිනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

චීනයේ රථවාහන ධාවනය , කර්මාන්ත ශාලා කටයුතු ඇතුළු මිනිස් ක්‍රියාකාකරම් අවම වීමෙන් වායු දූෂණය අඩුවී ඇති බවයි නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරික්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ. COVID-19 වෛරසය මේ වන විට ව්‍යාප්ත වීඇති රටවල් සංඛ්‍යාව 61කට අධිකයි. වෛරසය නිසා මරණයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2981ක්. ආසාදනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව 86906ක් වන අතර 41958 දෙනෙකු  සුවවී තිබෙනවා. චීනයට පසු COVID-19 වෛරසය ආසාදනයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඉරානයෙන්. ඒ මරණ 43ක්. චීනයට පසු වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ඒ ආසාදිතයන් 3736ක්. දකුණු කොරියාවේ COVID-19 මරණ 18ක්ද වාර්තා වුණා. දින 45 ක් වයසැති කුඩා බිළිදෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

දකුණු කොරියාවේ නගර රැසක අද දිනයේ දේව මෙහෙයන් පැවැත්වුණේ නැහැ. ඉතාලියේ ද වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අතර ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව 29ක්.

ඇමෙරිකාවේ හා තායිලන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පළමු මරණ අද වාර්තා වුණා. පාකිස්තානය වෛරසය පාලනය කිරීමේ අරමුණින් ඇෆ්ගනිස්ථාන දේශසීමා දින 7 ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. හොංකොං රාජ්‍යයෙන් වෛරසය වැළඳුණු සුනඛයෙකු පිළිබඳව ද වාර්තා වුණා. එම සත්ත්වයාගේ හිමිකරුට ද වෛරසය වැළඳී ඇති බව සඳහන්.

 

The post දකුණු කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 137 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

Read More »

මීළඟ පාර්ලිමේන්තුවට තෝරා ගත යුත්තේ ඒ සඳහා සුදුසු පුද්ගලයන්  

0 comments

මීළඟ පාර්ලිමේන්තුවට තෝරා ගත යුත්තේ ඒ සඳහා සුදුසු පුද්ගලයන් බව සුපිලිපන් පාර්ලිමේන්තුවක් උදෙසා ජාතික ව්‍යාපාරය අවධාරණය කරනවා.

දේශපාලන පක්ෂ නාම යෝජනා ලබා දෙන විට මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි එම ව්‍යාපාරය කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

 

 

 

 

The post මීළඟ පාර්ලිමේන්තුවට තෝරා ගත යුත්තේ ඒ සඳහා සුදුසු පුද්ගලයන් appeared first on ITN News.

Read More »

කෝටි 140 ක් වටිනා මත්කුඩු ඉරානයේ සිට රැගෙන ආ බව හෙළි වෙයි  

0 comments

ගාලු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි  140 ක් වටිනා මත්කුඩු තොගය ඉරානයේ සිට මෙරටට රැගෙනවිත් ඇති බව මත්ද්‍රව්‍ය දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත මහතා පවසනවා. මෙරටදී අත්අඩංගුවට පත් වූ වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

 

 

The post කෝටි 140 ක් වටිනා මත්කුඩු ඉරානයේ සිට රැගෙන ආ බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 22 දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ  

0 comments

අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් විසි දෙදෙනා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමීන්වහන්සේ ඇතුලු විසි දෙදෙනෙකුයි මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූ භික්ෂූන් වහන්සේ දෙනමක ඇතුලු විශ්වවිද්‍යාල සිසුන් විසි දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගැනුණේ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේයි. ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය බ්‍රහස්පතින්දා සිට සත්‍යග්‍රහයක නිරත වුණා. සිසුන්ගේ මෙම ක්‍රියාවලිය ජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් වන බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.

 

 

 

 

The post අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 22 දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.

Read More »

තලෙයිබාන් සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසියට එකඟ නැහැ  

0 comments

තලෙයිබාන් සිරකරුවන් පන්දහසක් නිදහස් කිරීමේ කොන්දේසියට තමන් එකඟ නොවන බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කාබුල් නුවර පැවති මාධ්‍ය හමුවකදීයි.

දින 10ක් ඇතුළත තලෙයිබාන් සිරකරුවන් පන්දහසක් සහ රැඳවුම්කරුවන් දහසක් නිදහස් කිරිමට තලෙයිබාන් සංවිධානය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනුයි ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. සිරකරුවන් නිදහස් කිරිමේ බලය ඇෆ්ගනිස්ථාන රජය සතු වන බවත් එයට වෙනත් රටක මැදිහත්විමක් සිදු නොවිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළා.  මාස 18ක පමණ කාලයක් ඇමෙරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම කොන්දේසිය පනවා ඇත්තේ.

 

 

 

 

The post තලෙයිබාන් සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසියට එකඟ නැහැ appeared first on ITN News.

Read More »

ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී  

0 comments

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික දළදා මාලිගයේදී අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

දළදා මාලිගය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනුයි. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා. අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේදී ජනාධිපතිතුමා රන්ගිරි දඹුලු මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමීන්වහන්සේ බැහැ දුටුවා. එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේ ද වැඩම කර සිටියා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

The post ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG