Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතීභාවය දක්වමින් කටයුතු කළ හොං කොං රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොං කොං රජයට විරුද්ධව ක්‍රියාත්මක වන උද්ඝෝෂණ සදහා පසුගිය මැයි මාසයේදී ඔවුන් සහයෝගය දක්වා ඇති බවට කරුනු අනාවරණය වී ඇති බවයි  හොං කොං බලධාරීන් සදහන් කරන්නේ. ඒ හේතුවෙන් මෙම මංත්‍රීවරුන් 07 දෙනා ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හොං කොං පොලීසිය සදහන් කරනවා. දේශපාලන අස්ථාවර භාවයක් ගොඩනැගීමට කටයුතු කිරීමයි ඔවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව. පසුගිය ජුනි මාසයේදී චීනය හොං කොං රාජ්‍ය වෙත නව ආරක්ෂණ නීති හදුන්වාදීමත් සමගම රජයට විරුද්ධව ක්‍රියාකාරකම්වල නිරත වීම සම්පූර්ණයෙන් තහනම් වනවා.

 

 

 

The post හොංකොං රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නිරෝධායනය අවසන් කළ 171 දෙනෙකු නිවෙස් බලා යයි  

0 comments

නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කළ පුද්ගලයන් 171 දෙනෙකු පී සී ආර් පරික්‍ෂණ සිදු කිරීමෙන් පසු සිය නිවෙස් බලා පිටත්ව ගියා.

යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ සාර්ථක ලෙස නිරෝධායනය නිම කළ කණ්ඩායමකුයි මෙලෙස පිටත්ව ගියේ. වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ සති 2 ක කාලයක් ඔවුන් නිරෝධායනයට ලක්වුණා. කොළඹ, ගම්පහ ඇතුලු ප්‍රදේශ කිහිපයක පිරිස් මෙම කණ්ඩායමට අයත් වනවා. පී සී ආර් පරික්‍ෂණවලදී මොවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වීම නිසා නිවෙස් බලා යැවීමට කටයුතු කෙරුණා.

 

 

 

 

 

The post නිරෝධායනය අවසන් කළ 171 දෙනෙකු නිවෙස් බලා යයි appeared first on ITN News.

Read More »

කොරෝනා මැඩලීමට සෑම පාර්ශවයකම දායකත්වය අවශ්‍යයි  

0 comments

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග එය මැඩලීම සදහා සමාජයේ සෑම පාර්ශවයකම දායකත්වය අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

 

 

The post කොරෝනා මැඩලීමට සෑම පාර්ශවයකම දායකත්වය අවශ්‍යයි appeared first on ITN News.

Read More »

පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුව හේතුවෙන් දරුණු ගංවතුර තත්වයක්  

0 comments

පිලිපීනයට බලපා ඇති ගෝනි සුළි කුණාටුව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මෙම වසරේ ආසියා කලාපයට බලපාන දරුණුම සුළි කුණාටුව මෙය ලෙසයි සැලකෙන්නේ. පැයට කිලෝමීටර් දෙසීය විසි පහක පමණ වේගයෙන් සුළි කුණාටුව තම රටට ඇතුළු වූ බව පිලිපීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එහි වේගය  පැයට කිලෝමීටර් තුන්සිය දහය දක්වා ඉහළ යා හැකි බවටද ඔවුන් අනතුරු අගවනවා. මේ වනවිටත් මිලියනයක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. කෙසේ වුවද මිලියන තිහක පමණ පිරිසකට ගෝනි සුළි කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 

 

 

The post පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුව හේතුවෙන් දරුණු ගංවතුර තත්වයක් appeared first on ITN News.

Read More »

කටුගම්පොළ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ එළවළු මළු  

0 comments

කොරෝනා වසංගතය හමුවේ ආර්ථික දුෂ්කරතාවලට පත්ව ඇති කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා එළවළු මළු නොමිලේ බෙදා දීම ඊයේ සිදුකෙරුණා.

පන්නල නගරයේ එළවළු ව්‍යාපාරිකයෙකු වන සමන් ප්‍රදීප් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙනුයි මෙම එළවළු බෙදා දීම සිදුකෙරුණේ. ග්‍රාම සේවා වසම් 30 ක අඩු ආදායම්ලාභී පවුල් දස දහසකට පමණ එළවළු මළු සැපයීමට මෙහිදී කටයුතු කෙරුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 12 ක්. ලොරි රථ 18ක් යොදා ගනිමින් සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව එළවළු මළු බෙදා දීම සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

 

 

The post කටුගම්පොළ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ එළවළු මළු appeared first on ITN News.

Read More »

රට තුළ පවතින කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳ අධ්‍යයනය තවදුරටත්  

0 comments

රට තුළ පවතින කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකට අනුව පෙනී ගියේ මෙවර පැතිරෙමින් තිබෙන කෝවිඩ් 19 වෛරසයේ ප්‍රභේදය යුරෝපයේ පැතිරෙමින් තිබෙන ප්‍රභේදයට සමාන බවයි. ඒ අනුව නිරෝධායන ක්‍රමවේදයේ ද වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව සුදත් සමරවීර මහතා සඳහන් කළා.

 

 

 

 

The post රට තුළ පවතින කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳ අධ්‍යයනය තවදුරටත් appeared first on ITN News.

Read More »

කොරෝනා හේතුවෙන් ලොව පුරා ජිවිත අහිමි වු පිරිස ලක්‍ෂ 12 ඉක්මවා යයි  

0 comments

රටවල් 215 කින් කොරෝනා ආසාදිතයන් හාරකෝටි හැටතුන්ලක්‍ෂ හැත්තෑතුන්දහස් හත්සියහැත්තෑහතක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිත අහිමි වු පිරිස ලක්‍ෂ 12 ඉක්මවා තිබෙනවා.

The post කොරෝනා හේතුවෙන් ලොව පුරා ජිවිත අහිමි වු පිරිස ලක්‍ෂ 12 ඉක්මවා යයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG