Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

චීනයෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ගතවූ පැය 24 ට චීනයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 75 ක්. ඉන් 53 දෙනෙකු චීන ජාතිකයින් බවයි වාර්තා වන්නේ. අනෙකුත් ආසාදිතයින් විසිදෙදෙනා විදේශිකයින් බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. යුනාන්, ෂැන්ග්හයි, ටියෑන්ජින් හා ගුවැන්ග්ඩොන් යන ප්‍රාන්තයන්ගෙනුයි නව ආසාදිතයින් හමුව ඇත්තේ. මේ වනවිට චීනයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අනූතුන්දහස ඉක්මවා ඇති අතර වයිරසය හේතුවෙන් ජීවිත අහිමිවූ සංඛ්‍යාව 4,636 ක්.

 

 

 

The post චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

Read More »

කොරෝනා සමයේ උද්ඝෝෂණ ඇතුලු ජනතා ඒකරාශිවීම් වලින් වැලකිය යුතුයි  

0 comments

කොරෝනා වසංගත සමයේ දී උද්ඝෝෂණ ඇතුලු ජනතා ඒකරාශිවීම් වලින් වැලකී සිටිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා පවසනවා.

 

 

The post කොරෝනා සමයේ උද්ඝෝෂණ ඇතුලු ජනතා ඒකරාශිවීම් වලින් වැලකිය යුතුයි appeared first on ITN News.

Read More »

ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගෙන් රත්නපුර රෝහලට ඔක්සිජන් ට්‍රොලි 50ක්  

0 comments

රත්නපුර ශික්ෂණ රෝහල සදහා අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර රදවාගෙන යන ට්‍රොලි පනහක් ලංකා බැංකුවේ රත්නපුර දිස්ත්‍රික් විශ්‍රාමිකයන්ගේ සංගමය අද පරිත්‍යාග කළා.

මෙම ඔක්සිජන් සිලින්ඩර රදවාගෙන යන ට්‍රොලි රෝහල් අධ්‍යක්ෂ අනෝජ් රොද්‍රිගෝ මහතා වෙත බාරදීම ලංකා බැංකුවේ රත්නපුර දිස්ත්‍රික් විශ්‍රාමිකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදුවුණා. මේ සදහා වැය වූ මුදල රුපියල් ලක්ෂ හයක්.

මේ අතර තායිවාන් සූචි බෞද්ධ සහන සේවා පදනමද ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර සියයක් කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක මහතා වෙත භාරදීම සිදුකළා. ඔක්සිජන් සිලින්ඩර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හැට පහක්. මෙම අවස්ථාවට තායිවාන් සූචි බෞද්ධ සහන සේවා පදනමේ නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියා.

 

 

The post ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගෙන් රත්නපුර රෝහලට ඔක්සිජන් ට්‍රොලි 50ක් appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ කරච්චි අගනුවර කොටසක් වසා දැමේ  

0 comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත්වීමත් සමග පාකිස්තානයේ කරච්චි අගනුවර කොටසක් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

අද දින සිට සතියක කාලයක් සදහා කරච්චි නගරයේ එක් කොටසක් පමණක් වසා දැමෙනවා. එහෙත් කරච්චි නගරයේ කඩසාප්පු බොහොමයක් වසා දැමීමටයි ව්‍යාපාරිකයින් පියවර ගෙන ඇත්තේ. ඩෙල්ටා ප්‍ර භේදය ශීඝ්‍ර යෙන් එරට තුළ ව්‍යාප්තවීම මෙම පියවර ගැනීමට හේතුවී තිබෙනවා. පසුගිය පැය 24 තුළදී පමණක් පාකිස්තානයෙන් වයිරස ආසාදිතයින් 4,500 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 86 ක්. මේ වනවිට එරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දසලක්ෂ තිස්පන්දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 23,422 ක්.

 

 

 

The post පාකිස්තානයේ කරච්චි අගනුවර කොටසක් වසා දැමේ appeared first on ITN News.

Read More »

කුණ්ඩසාලේ ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ  

0 comments

සැමට ජලය සංකල්පය යටතේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

රුපියල් මිලියන 255 ක ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. දැනට ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘති යටතේ මෙම ප්‍රදේශයේ ජනතාවට ජලය ඝන මීටර් දොලොස් දහසක ධාරිතාවක් හිමි වනවා. නව ව්‍යාපෘතියත් සමග එය ඝන මීටර් 18000 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි. ග්‍රාම නිලධාරි වසම් 32 ක ජීවත් වන ජනතාවට පැය 24 පුරා අඛණ්ඩව ජලය සම්පාදනය කිරීම අරමුණ බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කියා සිටියේ.

 

 

The post කුණ්ඩසාලේ ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ appeared first on ITN News.

Read More »

අංගම්පොර සටන් කලා තහනම මේ වසර ඇතුළත ඉවත් කරනවා  

0 comments

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන ආ අංගම්පොර සටන් කලා තහනම මේ වසර ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා  බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති අංගම්පොර සංදර්ශනයක් නැරඹීමට එක් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ගම්පහ ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරස්ථානයේ දී යි මෙම අංගම්පොර සංදර්ශනය පැවැත්වුණේ. අංගම්පොර සටන් පුහුණුකරු අජන්ත මහන්තආරච්චි මහතාගේ පුහුණුකිරීම් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සටන් ශිල්ප සංචිතයේ ශිල්පීන් එය ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පලකළා.

 

The post අංගම්පොර සටන් කලා තහනම මේ වසර ඇතුළත ඉවත් කරනවා appeared first on ITN News.

Read More »

කොවිඩ් එන්නත් ලබාගැනීම ප්‍රචලිත කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ නව වැඩපිළිවෙළක්  

0 comments

මහා බ්‍රිතාන්‍යයේ තරුණ තරුණියත් අතර කොවිඩ් එන්නත් ලබාගැනීම ප්‍රචලිත කිරීම සඳහා අන්තර්ජාලය විසින් ආහාර ඇනවුම් කිරීමේ දී වට්ටම් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

නව වැඩපිළිවෙළ යටතේ එන්නත් ලබාගන්නා තරුණ තරුණියන්ට අන්තර්ජාල කූපන ලබාදීම සිදුවනවා. එහිදී ඔවුන්ගෙන් කිසිඳු සෞඛ්‍ය තොරතුරක් ලබානොගැනීමට ද අන්තර්ජාල ආහාර සැපයුම් සේවා ක්‍රියාත්මක කරන ආයතන තීරණය කර තිබෙනවා. තම ව්‍යාපාර ආපසු ප්‍රකෘති තත්ත්වයට රැගෙන ඒම සඳහා මෙම වැඩපිළිවෙළ උපකාර වනු ඇති බව අන්තර්ජාලය ඔස්සේ ආහාර සැපයීමේ ව්‍යාපාරයේ නිරත සමාගම් ප්‍රකාශකර තිබෙනවා.

 

 

 

 

 

 

The post කොවිඩ් එන්නත් ලබාගැනීම ප්‍රචලිත කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ නව වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG