
යාන් ඔය රක්ෂිතයෙන් නීති විරෝධීව කැපූ කුඹුක් දැව තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය පොලීසිය සමත්වුණා. යාන් ඔය රක්ෂිතයෙන් කැපූ කුඹුක් දැව ඉරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ කහටගස්දිගිලිය පොලීසියට ලැබුණ තොරතුරකට අනුවයි. ඉරන ලද දැව කදන් 191 ක් එහිදී සොයා ගැනුනා. ඒ සදහා යොදාගත් අත් ට්‍රැක්ටරයක්ද, තවත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කලක සිට මෙම පිරිස නීතිවිරෝධි දැව ජාවාරමේ යෙදී සිටි බව පරීක්ෂණවලදි හෙළි වූ බවයි වැටලීම සිදු කළ පොලිස් නිලධාරින් සදහන් කළේ.
Post a Comment