Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය උළු කර්මාන්තය අනතුරේ  

Add comments

කොච්චිකඩේ වයික්කාල ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා වැසීයාම හේතුවෙන් ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. කොච්චිකඩේ වයික්කාල ප්‍රදේශය මෙරට උළු කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස හැදින්විය හැකියි. මෙරට උළු අවශ්‍යතාවෙන් සියයට අනූවක් පමණ සපුරා ලන්නේ මෙම ප්‍රදේශයේ නිෂ්පාදනය කෙරෙන උළු මගින් බව වාර්තා වනවා. කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් පිහිටා තිබීමෙන් විශාල පිරිසකට රැකියා අවස්ථා ද හිමිව තිබුණා. එහෙත් මේ වන විට ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා රැසක් වැසී යාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.

උළු කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ තම නිෂ්පාදනවලට නිසි වෙළෙදපොළක් නොමැතිවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවයි. උළු කර්මාන්තශාලා වැසී යාම හේතුවෙන් ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අහිමිවීමද විශාල ගැටලුවක්. මෙම තත්ත්වය පිළිබද අවධානය යොමු කර උළු කර්මාන්ත නැවත නගා සිටුවීමට කටයුතු කරන ලෙසයි උළු කර්මාන්තහිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සේවකයින්,

උළු කර්මාන්තශාලා හිමියන්,

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG