Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රධාන බෝග වර්ග 06කට ගොවි රක්ෂණය නොමිලයේ  

Add comments

2018 යල කන්නයේ සිට බෝග වර්ග 06ක් සඳහා ගොවීන්ගෙන් කිසිදු දායක මුදලක් අය කිරීමකින් තොරව ගොවි රක්ෂණය නොමිලයේ ලබාදීමට රජය තීන්දු කර ඇත.

මේ යටතේ වී, බී ලූණු, අර්තාපල්, බඩඉරිගු, සෝයා බෝංචි සහ මිරිස් යන  බෝග වර්ග 06 සඳහා නොමිලයේ කෘෂි රක්ෂණය ලබාදෙන අතර වගා හානියක දී අක්කරයකට රු. 40,000 බැගින් හෙක්ටෙයාර් එකකට රු. 100,000ක මුදලක් වගා හානි රක්ෂණ මුදලක් වශයෙන් ශ්‍රී ලංකා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ලබාදීමට නියමිතයි.

මේ සඳහා රු. මි. 5228ක මුදලක් මේ වනවිටත් රජය විසින් අදාළ බැංකු වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව එම බෝග වර්ග 06 වගා කරන සෑම ගොවියෙකුටම අදාළ කෘෂි රක්ෂණය හිමිවන බව තහවුරු කිරීම සඳහා කෘෂි රක්ෂණ සහතික පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවටයි සඳහන් වන්නේ.

මෙම කෘෂි රක්ෂණ සහතිකපත් ගොවීන් වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි. මේ වනවිට 2018 වර්ෂයේ වගා හානි වෙනුවෙන් රජය ගෙවා ඇති මුදල රු. මිලියන 145.57කි.

තම වගාව හානි වේයැයි බියෙන් ගොවීන් වගාකිරීමේ කටයුතුවලට බියක් දක්වන අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “බය නැතිව වගා කරන්න අස්වනු විකුණාගත නොහැකි අවස්ථාවක දී හෝ වගා හානියක දී මෙන්ම වෙනත් සෑම අවස්ථාවක දී ම ඊට මැදිහත්ව ගොවි ජනතාව ආරක්ෂා කිරීමට රජය කටයුතු කරනවා” යැයි පැවසීය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG