
නොගැලපෙන ඇඳුමකින් සැරසි ප‍්‍රවෘත්තියක් වාර්තා කිරිමේ චෝදනා මත සවුදි අරාබියේ රූපවාහිනි වාර්තාකාරිණියකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සවුදි කාන්තාවන්ගේ රියදුරු බලපත‍්‍ර තහනම ඉවත් කිරිම පිළිබදවයි ඇය ප‍්‍රවෘත්ති වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නෙ. ෂිරින් අල් රිෆායි එළිමහනේ වාර්තා කිරිමේ යෙදි සිටියදි ඇය ඇඳසිටි ලිහිල් ඇඳුම සුළඟට හසුවී ශරීරය නිරාවරණය වු බවටයි සවුදි බලධාරින් චෝදනා ගොනුකර තිබෙන්නෙ. එම වීඩියෝ දර්ශනය අන්තර්ජාලයේ ද දැඩි ආන්ද්‍දෝලනයකට ලක්වුණා.
Post a Comment