
විෂන් 2025 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ මගින් මෙරට පෞද්ගලික ව්‍යවසායකයින් ආරක්‍ෂා කර ගැනීම සඳහා සැලසෙන්නේ විශාල සේවයක්. අතීතයේ සිට පැවති මෙරට වෙළෙඳ ශ්‍රී විභූතිය යළි අත්පත්කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
ගොවි නවෝදා වැඩසටහන යටතේ සුළු පරිමාණ ගොවීන්ට හා ගොවි සංවිධානවලට යන්ත්‍ර ලබා ගැනීමට මුදල් සැපයෙනවා. රුපියල් ලක්‍ෂ 5 ක උපරිමයකට යටත්ව ණය මුදලක් ඔවුන්ට ලබාගත හැකි බවයි රජය පවසන්නේ. රන් අස්වැන්න එක වැඩසටහන යටතේ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් සඳහා රුපියල් ලක්‍ෂ 50 ක උපරිමයකට යටත්ව සහන ණයක් ලබා දීමට නියමිතයි. එහි පොළී අනුපාතිකයෙන් සියයට 50 ක ප්‍රතිශතයක් රජය දරනවා. රන් අස්වැන්න දෙක වැඩසටහන යටතේ කෘෂි හා මත්ස්‍ය සැකසුම් ආයතන සඳහා රුපියල් මිලියන 300 ක සහන ණයක් හිමිවනවා. රන් අස්වැන්න තුන වැඩසටහනේදී වාණිජ පරිමාණ ගොවිපොළ සඳහා රුපියල් මිලියන 750 ක උපරිම ණය මුදලක් හිමිවනු ඇති. හෝම්ස්ටේ කුඩා සංචාරක නිවාස ඉදිකර ගැනීම සඳහා ද රුපියල් ලක්‍ෂ 50 ක උපරිමයකට යටත්ව ණය මුදල් පිරිනැමෙනු ඇති. උපාධිධාරීන්ට ව්‍යාපාර ඇරඹීම සඳහා කිසිදු පොළී අය කිරීමකින් තොරව රුපියල් ලක්‍ෂ 15 ක උපරිම ණයක් සැපයෙනවා. යෝජිත රිය ශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ හිමිවන ණය සඳහා අදාළ පොළී මුදලින් සියයට 75 ක් දරන්නේ රජයයි. තවත් සියයට 13 යි දශම 5 ක් බැංකුව දරන අතර ව්‍යාපාරිකයින්ට රුපියල් ලක්‍ෂ 40ක උපරිමයකට යටත්ව ණය මුදල් ලබා ගැනීමට හැකිවනවා. එහිදී ඔවුන්ට ගෙවීමට සිදුවන පොළී අනුපාතිකය වන්නේ සියයට 3 යි දශම තුනයි අටක් පමණයි. පාසල් වෑන් රථ සේවා පවත්වාගෙන යන ව්‍යවසායකයින්ට ද ආසන තිස්දෙකේ නව බස් රථ මිලදී ගැනීමට ණය මුදල් හිමිවනවා.
Post a Comment