
ඇෆ්ගනිස්ථානයේ අයි එස් අයි එස් ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිත්ක්ෂයට පත් වි තිබෙනවා.තලෙයිබාන් ත්‍රස්තයින් සිවිල් වැසියන් හා ඇෆ්ගන් ආරක්ෂක අංශ නිලධාරීන් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන රජය හා තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබිය දීයි අයි එස් ත්‍රස්තයින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. ප්‍රහාරයේ වගකීම භාරගනිමින් අයි එස් සංවිධානය ප්‍රකාශ කර ඇත‍්තේ ආරක්ෂක අංශ හා සිවිල් වැසියන් ඉලක්ක කරගමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. රෝඩට් දිස්ත්‍රික්කයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරයත් සමඟ ඇෆ්ගන් ආරක්ෂක අංශ හා තලෙයිබාන් සටන් අතර ප්‍රකාශයට පත්කර තිබූ සටන් විරාමය දීර්ඝ කිරීමටද කටයුතු කෙරුණා.
Post a Comment