
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකය ජනගත කිරීම අද සිදු කෙරුණා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි. මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අපේ වගකීම ඔබේ යුතුකම ජනතාවගේ අයිතිය සත්‍යයි යන තේමාවෙන් මෙම ඒකකයේ කටයුතු ක්‍රියාත්මකයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන රටාව උසස් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය ගනු ලබන පියවර නිවැරදිව පැහැදිලිව නිරවුල්ව ජනාතාව අතරට ගෙන යමින් පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය ගොඩනැගීම මෙහි අරමුණයි. මෙම නව දැක්ම හා ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මංගල සමරවීර සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කෙරුණා.
Post a Comment