
කිසිදු ජාතිවාදී ගැටලුවක් ඉදිරියේදී ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු දෙනාගේ වගකීමක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
මහරගම වත්තේගෙදර ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනේ පැවති සමරු වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා. අරන්තලා භික්‍ෂු ඝාතනයට වසර 31 ක් සපිරීම හා දිඹුලාගල සීලාලංකාර ස්වාමීන්වහන්සේ ඝාතනය කර වසර 23 ක් සපිරීම නිමිත්තෙන් ජාතික හෙළ උරුමය එය සංවිධාන කළා. මීට සමගාමීව පිරිවෙන් අවසාන විභාගයෙන් කුසලතා දැක්වූ ස්වාමීන්වහන්සේ ඇගයිම හා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
Post a Comment