Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුටින්ගෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක්  

Add comments

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට රුසියාවට පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ආරාධනාකර තිබෙනවා. එළඹෙන සැප්තැම්බරයේ දී නිල සංචාරයක් සඳහා තම රටට පැමිණෙන ලෙසටයි රුසියා ජනාධිපතිවරයා උතුරු කොරියා නායකයාට ආරාධනාකර තිබෙන්නේ. ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ සිදුකළ ඓතිහාසික සාකච්ඡාවෙන් පසුව උතුරු කොරියා නායකයාට රුසියා ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකිරීම විශේෂත්වයක්.

උතුරු කොරියාවේ උත්තරීතර ජනතා සම්මේලනයේ ප්‍රධානියා වන කිම් ජොන් නාම් සමග රුසියාවේ පැවති සාකච්ඡාවකදී රුසියා ජනාධිපතිවරයා මෙම ආරාධනය පිළිබඳ අදහස ප්‍රකාශකර තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා නායකයාට ලබාදුන් ලිඛිත පණිවුඩයක් ද එරට නියෝජිතයින් රැගෙන ගිය බව සඳහන්.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG