Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සා/පෙළ විභාගය විෂයන් හයක් දක්වා අඩු කිරීමට සැලසුම්  

Add comments

අපොස සාමාන්‍ය පෙළ විභාගය විෂයන් හයක් දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අනාගතයට ගැලපෙන පරිදි පාසල් විෂය නිර්දේශයන් වෙනස් කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මොණරාගල මදුරුකැටිය විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

මේ අතර මොණරාගල ප්‍රදේශයේ තවත් පාසල් කිහිපයක ඉදිකළ නව ගොඩනැගිලි  සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහාතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ළඟම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේයි මෙම ගොඩනැගිලි ඉදිකර ඇත්තේ. මේ අනුව බුත්තල දුටුගැමුණු මහාවිද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල, ගලබැද්ද මහවිදුහලේ ක්‍රියාකාරකම් ඒකකය ,වැලියාය මයුරගිරි විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල,බිබිල අමුනේකදුර විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සහ බිබිල දොඩම්ගොල්ල විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල ද මෙසේ සිසු අයිතියට පත් කෙරුණා. ඒ සදහා වැය කෙරුණු මුදල  රුපියල් මිලියන 300ක්. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් පළ කළ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවලට සහභාගි වුණා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG